Post AD

අතුරුදන් වූ කළු කුහරයේ සුළඟ සොයා ගයි?

 සෑම විශාල මන්දාකිණියකම මධ්‍යයේ සුර්යයා මෙන් මිලියන හෝ බිලියන ගණනාවක් විශාලත්වයෙන් යුත් ස්කන්ධයක් සහිත දැවැන්ත කළු කුහරයක් පිහිටා තිබේ. තාරකා විද්‍යාඥයින් විසින් අප අවට ඇති මන්දාකිණි පරීක්ෂා කිරීමේදී එම මන්දාකිනි මධ්‍යයේ දක්නට ඇති කළු කුහර වල Event Horizon හි සිට පිටතට ගලා යන උණුසුම් වායූන් දැක ගන්නට ලැබී තිබුණි. නමුත් අප මන්දාකිණි මධ්‍යයේ ඇති කළු කුහරයේ එය මෙතෙක් දැකගන්නට ලැබී තිබුණේ නැහැ. තාරකා විද්‍යාඥයින් ඇතුලු සියලු දෙනාටම පසුගිය අඩසියවසටම මෙය විශාල ප්‍රෙහෙලිකාවක් විය.



පසුගියදා අප මන්දාකිණියේද ඇති කළු කුහරයේ Event Horizon හි සිට පිටතට ගලා යන වායූන් පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති බවට පරීක්ෂකයින් පවසා තිබේ. 

අප මන්දාකිණියේ කළු කුහරයේ මෙම සුළං සොයා ගැනීම Sagittarius A* (Sgr A*) ලෙසින් හඳුන්වනු ලබන අතර මන්දාකිණි මධ්‍යයේ ඇති තරු, වායු සහ දූවිලි අතරින් කළු කුහරයට එබී බැලීමේ දුෂ්කරතාවය නිසා මෙය මෙ‌තෙක් සුදු තල්මසෙක්ව පැවතීය. 

ALMA නොහොත් Atacama Large Millimeter/submillimeter Array මඟින් පැය 100කට ආසන්න කාල පරාසයක් තුල කළු කුහරයේ කාබන් මොනොක්සයිඩ් (CO) පිළිබඳ ලබාගත් දත්ත සිතියම්ගත කිරීමේදී පැහැදිලි කේතු හැඩැති පරතරයක් පරීක්ෂකයින්ට දක්නට ලැබී තිබේ. 

මෙම සොයාගැනීම නිසැකවම අපගේ වාසස්ථනය පිළිබඳ අපගේම දෘෂ්ටිකෝණය වෙනස් කරණු ඇති බව පරීක්ෂකයින්ගේ මතයයි. 

විස්තර - www.science.org

Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment