Post AD

දිග ලොම් රයිනෝ ( Coelodonta antiquitatis )




මේ වන ලෝකයෙන් වඳ වී ගොස් ඇති මෙම දිගු ලොම් සහිත රයිනෝ සතුන්ගේ අං එම සතුන් පිළිබඳ මනා අවභෝදයක් ලබා දෙයි.

මීටර 1.6කට ආසන්න දිගකින් යුත් මෙම සත්ත්වයෙකුගේ අඟක් සයිබීරියාවේ සංරක්ෂණය කර ඇත. එය වැඩිහිටි මිනිසෙකුගේ ප්‍රමාණයට ආසන්න බවයි පැවසෙන්නේ.





 රුසියාවේ කෝලිමා ගඟේ කුඩා අතු ගංගාවක් අසළ තිබී මෙම සත්ත්වයෙකුගේ සම්පූර්ණ හිස් කබලක් සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා එම හිස් කබල යකුට්ස්ක් හි මැමොත් කෞතුකාගාරයට ලබා දී තිබේ. කාබන් කාල නිර්ණයකින් අනතුරුව සොයාගෙන ඇත්තේ  එම හිස්කබල වසර 19,600කට ආසන්න කාලයට පෙර එකක් බවය.


ජීජී බෝස්කොරොව් සහ තවත් අය ./ සත්ව විද්‍යා සඟරාව 2025
ජීජී බෝස්කොරොව් සහ තවත් අය ./ සත්ව විද්‍යා සඟරාව 2025

මෙම නිදර්ශන ඡායාරූප වල වඳ වී ගිය සහ වර්තමාන රයිනෝ විශේෂ පිළිබඳ දක්වා තිබේ.  දිගම සිට කුඩාම දක්වා අනුපිළිවෙලින් මෙම ඡායාරූපයේ දක්වා ඇත. 
(වමේ සිට දකුණට: ලොම් සහිත රයිනෝසිරස්, සුදු රයිනෝසිරස්, කළු රයිනෝසිරස්, සුමාත්‍රා රයිනෝසිරස්, විශාල තනි අං රයිනෝසිරස්.)


මෙම ලොම් සහිත රයිනෝසිරස් සතුන්ට පිහිටා ඇති විශාල අං හිම සහිත පරිසරයේ ජීවත් වීමට මහත් රුකුළක් වන බවට පරීක්ෂකයින් ප්‍රකාශ කර තිබේ. මෙම සත්ත්වයින් පිළිබඳ අදහස් දක්වමින් ඉතාලියේ පීසා විශ්ව විද්‍යාලයේ පාෂාණ විද්‍යාඥයෙකු වන ලූකා පැන්ඩොල්ෆි පවසා ඇත්තේ මෙම රයිනෝසිරස් සතුන්ගේ අං වල ලක්ෂණ සඳහා දේශගුණික සාදක හේතු වන්නට ඉඩ ඇති බවයි.




                                              


විස්තරය - www.sciencenews.org





Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment