Microsoft සමාගම විසින් සිය Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා වන සහාය දැක්වීම් 2025 ඔක්තෝබර් 14 වන දින අවසන් කිරීමට තීරණය කර තිබේ.
2015 වසරේ ජූලි මස සිට 2025 වසර දක්වා වසර 10ක් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම මෙහෙයුම් පද්ධතිය Windows මෙහෙයුම් පද්ධති ඉතිහාසය තුළ විශාල වෙනසක් කිරීමට සමත් විය.
Windows 8 වලින් පසුව මෙම Windows 10 මෙහෙයුම් පද්ධතිය Microsoft සමාගම විසින් නිකුත් කරන ලදි.
Cortana Virtual Assistant හඳුන්වාදීම, Microsoft Edge Web Browser හඳුන්වාදීම හා Biometric Authentication සඳහා Windows Hello හඳුන්වාදීම සිදු කෙරුණේද මෙම මෙහෙයුම් පද්ධතියත් සමගයි.
Microsoft සමාගම පවසන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහා වන සහාය මේ මසින් අවසන් වන බැවින් Windows 10 භාවිතා වන පරිගණක වලට සිය Windows 11 මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කරගන්නා ලෙසයි.


0 comments:
Post a Comment