Post AD

මානව ඉතිහාසය නැවත ලියවිය හැකි පාලමක් හමුවෙයි?

තුර්කියේ Ayvalık වෙරළ තීරයේ සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මුල් මිනිසුන් ලෙසින් හැඳින්වෙන අපගේ ආධිතමයින් තුරිකියේ සිට යුරෝපය දක්වා ගමන් කරන්නට උපකාර කරන ලද මේ වන විට ජලයෙන් යට වූ ගොඩබිම් පාලමක් තිබෙන්නට ඇති බව සොයාගෙන තිබේ.


මෙම පාලමට අයත් ප්‍රදේශයේ ස්ථාන 10කින් Paleolithic මෙවළම් 138ක් සොයාගෙන ඇති අතර අයිස් යුගයේ මෙම ප්‍රදේශය තීරණාත්මක සංක්‍රමණ කොරිඩෝවක් බවට එය සාක්ෂි සපයයි. Balkans සහ Levant කේන්ද්‍ර කරගත් සාම්ප්‍රදායික සංක්‍රමණ න්‍යායන්ට මෙම සොයාගැනීම නිසැකවම අභියෝගයක් වනු ඇත.

මධ්‍ය පැලියොලිතික් මූස්ටේරියානු සම්ප්‍රදායට අයත් නවීන උපකරණ මෙම ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ. බොහෝ දුරට නියැන්ඩර්තාල්වරුන් සහ මුල් යුගයේ හෝමෝසේපියන්වරුන් විසින් මෙම උපකරණ භාවිතා කරන්නට ඇති බවට පුරාවිද්‍යාඥයින් විසින් විශ්වාස කරයි.

Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment