සාමාන්‍යයෙන් ලොව වැසි වනාන්තර ප්‍රසිද්ධියට පත්ත්ව ඇත්තේ අවට පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඒ වෙනුවට ඔක්සිජන් පරිසරයට මුදාහරින වඩාත් ප්‍රයෝජනවත් පරිසර පද්ධතියක් ලෙසයි.
නමුත් ලොව පළමු වතාවට උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා කාබන් පරිසරයට මුදාහරින වැසි වනාන්තර සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. මේ අනුව ඔස්ට්‍රෙලියාවේ Queensland ප්‍රාන්තයේ පිහිටි වැසි වනාන්තර මෙලෙස කාබන් වැඩි වශයෙන් පරිසරයට මුදාහරින බව හඳුනාගෙන තිබේ.
වසර 49ක් තිස්සේ ඔස්ට්‍රෙලියාවේ Queensland ප්‍රාන්තයේ වැසි වනාන්තර 20ක් ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණවලින් මෙය හඳුනාගෙන තිබේ. මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ දේශගුණ විපර්යාස වල ප්‍රථිපලයක් ලෙස මෙය සිදු වී ඇති බවයි.
'නේචර්' සඟරාවේ දක්වා ඇති ආකාරයට අධික උෂ්ණත්ත්වය හේතුවෙන් වනාන්තර වල ගස් විශාල ලෙස මිය ගොස් ඇති අතර එසේ මිය ගිය ගස් වැඩි වශයෙන් කාබන් පරිසරයට මුදාහරින බව විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ. මිය ගොස් ඇති ශාක ප්‍රමාණයට සාපේක්ෂව එම වැසි වනාන්තර වල අලුතින් ගස් සිටුවීමට අපොහොසත් වීම මෙලෙස වැඩි වශයෙන් කාබන් පරිසරයට මුහු වීමට හේතු වී ඇති බව විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.

0 comments:
Post a Comment