චීනයේ ත්‍රී ගෝජර්ස් වේල්ල නිසාවෙන් පෘථිවි භ්‍රමණයේ වෙනසක් සිදු වී ඇති බව Nasa ආයතනය විසින් තහවුරු කර තිබේ.
දවසේ කාලය මයික්‍රෝ තත්ත්පර 0.06කින් දිගු කිරීමට මෙම වේල්ල සමත් වී තිබේ. බැලූ බැල්මට එය කුඩා අගයක් ලෙස පෙනුනද මිනිස් ක්‍රියාකාරකම් භූගෝලීය චලනයන් කෙරෙහි සිදු කල හැකි බළපෑම කොපමණක්ද යන්න හඳුනාගැනීමට විශාල සාක්ෂියකි.
දවසේ කාලය පමණක් නොව භූගෝලීය ධ්‍රැව වලටද වෙනසක් කිරීමට මෙම වේල්ල සමත් වී තිබෙන බව විශේෂඥයින් ප්‍රකාශ කර තිබේ.
ලොව විශාලතම ව්‍යාපෘතිය ලෙසින් හැඳින්වෙන මෙම ත්‍රී ගෝජර්ස් වේල්ල මඟින් ජල ගැලුම් ට්‍රිලියන 10කට වඩා ගබඩා කළ හැකි පැවසේ. මීටර 175ක උසකින් යුක්ත වන මෙම වේල්ල ඉදිකිරීම සඳහා නගර 150කට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ. දිනකට මෙමගින් ජනනය කළ හැකි විදුලි ප්‍රමාණය ටෙරාවොට් පැය 0.54කි.


0 comments:
Post a Comment