Post AD

නැපෝලියන් බොනපාට්ගේ හමුදා වලට වැළඳුනු රෝග DNA මඟින් සොයා ගයි?




ප්‍රංශයේ අධිරාජයෙකු වී සිටි නැපෝලියන් බොනපාට්  1812 වර්ශයේදී රුසියාවේදී දරුණු පරාජයක්ද සමඟින් පසු බැසීමට හේතු වූ කරුණු කිහිපයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

ආහාර හිඟවීම, ශීත කාලය උදා වීම, රෝග පැතීරීම වැනි කරුණු කාරණා මෙම පසුබැසීමට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එවැනි හේතූන් නිසාවෙන් සොල්දාදුවන් දහස් ගණනකට සිය ජීවිතය අහිමි විය.

2006 වසරේදී මෙලෙස මිය ගිය සොල්දාදුවන්ගේ DNA සාම්පල මඟින් ටයිෆස් සහ අගල් උණ සෑදීමට හේතු වන බැක්ටීරියා ඇති බවට හඳුනාගන්නා ලද නමුදු එම බැක්ටීරියා පමණක් සෙවීම නිසාවෙන් ඔවුන්ට තිබූ වෙනත් ආසාදන තත්ත්වයන් සොයා ගැනීමට නොහැකි විය.

නමුත් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණයක් මඟින් විද්‍යාඥයින් විසින් සොල්දාදුවන් හතර දෙනෙකුගෙන් පැරටිෆොයිඩ් උණ ඇති කරන සැල්මොනෙල්ලා එන්ටරිකා වර්ගයක් ද සොල්දාදුවන් දෙදෙනෙකු තුළ නැවත උණ ඇති වීමට හේතු වන උකුණන් මගින් බෝවන බොරේලියා පුනරාවර්තන බැක්ටීරියාව තිබී ඇති බවට සොයාගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණයේ නියැලුණු පරීක්ෂකයින් විසින් පෙන්වාදෙන්නේ මෙම රෝග වලට අදාල බැක්ටීරියා සොයාගනු ලැබූයේ මිය ගිය ලක්ෂ සංඛ්‍යාත සොල්දාදුවන් අතරින් කිහිප දෙනෙකුගේ DNA පරීක්ෂා කිරිමෙන් පමණක් බවය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම සෙබලුන් මිය යෑමට සම්පූර්ණයෙන්ම මෙම රෝග හේතු සාධක නොවූවද සීතල හා කුසගින්න සමඟ මෙම රෝග වලට මුහුණ දීම‌ට සිදු වීමෙන් ඔවුන් මරණය‌ට පත් වන්නට ඇති බවයි.





Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment