Post AD

අපරාධ හදුනාගන්න උපකාරී වන Ai මෙවළමක්



මිනීමැරුම් වැනි අපරාධ ස්ථාන වලින් ලබාගන්නා මැසි පිළවා වලින් වින්ධිතයාගේ මරණය සිදු වූ වේලාව වැනි මිනීමැරුම් තොරතුරු හෙළි කර ගැනීමට හැකියාව පවතී.



මෙම ගණනය කිරීම්වල නිරවද්‍යතාවය සඳහා එම මැස්සන් වර්ගය වැනි කරුණු දැන ගැනීම අත්‍යාවශ්‍යය කාරණාවකි. එම කාර්යය සියලු දෙනාටම කළ නොහැකි අතර මේ සඳහා යම් කාලයක්ද ගත වෙයි. Baton Rouge හි Louisiana ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් විසින් මේ ගණනය කිරීම් සඳහා AI මෙවලමක් නිශ්පාදනය කිරීමට සමත් වී තිබේ.

මෙම පරීක්ෂකයින් පවසන ආකාරයට තත්ත්පර 90ක් වැනි කෙටි කාළයක් තුල මෙම ගණනය කිරීම් සිදු කිරීමට මෙම AI මෙවලමට හැකියාව පවතී.

වැඩි දුරටත් අදහස් දක්වමින් මෙම පරීක්ෂකයින් පවසන්නේ මෙයින් සොයාගතහැකි එකම දෙය මරණ කාලය පමණක් නොවන බවයි. ඔවුන්ට අනුව මෙම පරීක්ෂණයක් මඟින් මරණය සොයාගත් ස්ථානයෙන් හමුවන මැසි පිළවා වෙනත් ප්‍රදේශයකින් හමුවන මැසි විශේෂයක් නම් එම මරණය වෙනත් තැනකදී සිදු කර මරණය හමු වූ ස්ථානයට ගෙනත් දමා ඇති බවට ඉඟි කරයි.


Share on Google Plus

About Robbin Photography

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment