වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් පරිමාව දේශගුණික විපර්යාස වලට දැඩි සේ බලපාන සාදකයකි. කර්මාන්ත විප්ලවයට පෙර එහි සීමාව 280 ppm ලෙස සඳහන් වල අතර මේ වන විට එය 430ppm* දක්වා ඉහළ ගොස් තිබේ.
*(මෙහි ppm ලෙස දක්වා ඇත්තේ මිලියනයට කොටස් යන්නයි - Parts Per Million)
මෙසේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම අධික ලෙස ඉහළ යාම කෘෂි ක්ෂේත්‍රයට දැඩි සේ හානි එල්ල කිරීමට සමත් වේ. භෝග වල ඵලදායිතාව අඩු වීම, ශාක වල සාමාන්‍ය ක්‍රියාවලීන්ට බාදා වීම වැනි අහිතකර සිදුවීම් රාශියකට වලට මුහුණ දීමට සිදු වන්නේ මෙම කාබන්ඩයොක්සයිඩ් අධික ලෙස පරිසරයේ වැඩි වීම හේතු කොටගෙනය.
ආහාරය සඳහාත් පිටි, එතනෝල් වැනි නිශ්පාදනයන් සඳහාත් බඩ ඉරිඟු වගා කරන අතර මෙය දේශගුණික අස්ථාවරතාවයට දැඩි සේ සංවේදී භෝගයකි. පරීක්ෂකයින් පිරිසක් විසින් කාබන්ඩයොක්සයිඩ් අධික ලෙස ඉහළ යෑම බඩ ඉරිඟු වගාවට බලපාන්නේ කෙසේද සොයා පරීක්ෂණයක් සිදු කොට තිබේ.
මෙම පරීක්ෂනයේදී බඩ ඉරිඟු භෝග කාබන්ඩයොක්සයිඩ් මට්ටම් තුනක් යටතේ පරීක්ෂකයින් වගා කර ඇති අතර එම ප්‍රමාණ 600ppm, 1200ppm හා 1800ppm ලෙස සඳහන් වේ. ආලෝකය නොමැති අවස්ථා වලදී ශාක කාබන්ඩයොක්සයිඩ් වෙත ප්‍රතිචාර නොදක්වන බැවින් දිවා කාලයේදී මෙලෙස පරීක්ෂන කටයුතු සඳහා අවශ්‍ය කරන කාබන්ඩයොක්සයිඩ් මට්ටම් ශාක වෙත ලබා දී තිබේ.
600ppm හා 1800ppm කාබන්ඩයොක්සයිඩ් මට්ටම් ලබා දුන් බඩ ඉරිඟු භෝග දින 70ක් තුලදී සිය වර්ධනයේ උපරිම තත්ත්වය වෙත පැමින වර්ධනය නවතා දමා තිබේ.
පරීක්ෂන දත්ත අනුව පෙනී යන්නේ බඩඉරිඟු වගාව, කාබන්ඩයොක්සයිඩ් මට්ටම් ඉහළ අගයක පැවති අවස්ථා වලදී වැඩි වේගයෙන් වර්ධනය වීම සිදු වන නමුත් එහි වර්ධනයට,වර්ණක වලට මෙන්ම ව්‍යූහාත්මක ගුණාත්මකභාවයට බළපෑම් එල්ල කරන බවයි.
විස්තර - www.soci.org

0 comments:
Post a Comment